ජුනි 18
වෙනිදාට ඔබ අප අතරින් වියෝවී තුන්මසක් වේ. මේ තුන්මස ඇතුලත කොතරම් දෑ වුණාද ?
අද ඊයේ
වගේ මට මතකයි...... නුඹ අපට ලෙන්ගතු පෑ හැටි. නුඹේ කුසින් ඉපදුණු දරැවන් සේ අපට
රැකවරණය දුන් හැටි. නුඹේ කුසින් වදපු දරුවටත් වඩා නුඹේ මල්ලිගේ දරුවන්ට නුඹ ආදරය
කළා. ඇත්තමයි.... ඒ ආදරය .....2013/04/11 වන දින හෝමාගම රෝහලේදි මට කරදයක් වුණොත් අපේ පවුලම ඉවරයි කියලා
ඔයා කිව්වේ ඒ දේ ඇත්ත වෙන්න නුඹේ මරණය වී දින හතක් ඇතුලත අපේ රණසිංහ පවුලම සුණි
විසුණි වී ඈත් විණි. නුඹ ගාව තිබුණු සහෝදරකම අන් දෙදෙනා ගාව නොතිබුණු බව එදින මට
තේරුණි. ඇත්තමයි ලොකු නැන්දේ...... නුඹ ඈත ඉදං අඩනවා මං දුටුවේ හීනෙනි. නුඹ ඉකි
බිද බිද මට මොනවාදෝ කියනවා මට දැනුණි. මං බොහෝ සේ මේ පවුල එකතු කරන්න උත්සාහ කළේය.
ඒත් ලොකු නැන්දේ සමා වෙන්න එය කිරිමට නොහැකි විය.
නුඹේ
මරණයේ උණුසුම යෑමට පෙර නුඹේ ඇදි වත පුච්චා දමන්නත් නුඹ පැන්ෂන් දවසට යන හෑන්ඩ්
බෑගයත් ඉවත දැමුවේ මගේ හදවත පිච්චෙන සුලු දැවීමකිනි. ඇත්තමයි ලොකු නැන්දේ මං බොහෝ
සේ ජීවිතය කළ කිරුණි. දේපළ ගැන විපරම් කරන්නත් නුඹේ පොතේ දමා තිබු මුදල් වලට කුමක්
වුවාද යන්නත් නුඹේ හත්දවසේ දානෙන් පසුව බොහෝ සෙව්වේ නුඹ ජීවත්ව ඉන්නා කාලේ නුඹට
ආදරය නොපෑ... නුඹට අම්මායැයි නොකී දරුවාය. ඇත්තමයි... බොහෝ සේ කළ කිරුණි.
නුඹේ
මල්ලීවත් මල්ලීගේ බිරිදත් මල්ලිගේ දරුවන්ට වරදවල් දහසක් පටබැදුණි. රණසිංහ පරපුර
ඈත්වි ගියේ... ලොකු නැන්දා කළ කී දෑ වලට ගුණ හිත් වල රැදි තිබුණි නිසාය.
ඇත්තමයි....... දින 90ක් ඇතුලත සියල්ල සිදුවිය. නුඹ කීවේ සත්‍යයකි...
දිනක්
නුඹ මට මෙසේ කීවාය.. ඔයා මගේ සුදු දූ... එයාගේ අවසාන දවස් ටිකේ එයා කිව්වා.. මගේ
අම්මා ඔයා නෙමේ කියලා... එයා නැති වෙලා දවස් ගණනකින් මට ඇවිත් කීව්වා අම්මේ අඩන්න
එපා... මං ආයි ඔයා ගාවට එන්නේ නෑ.. බොරැල්ලේ නැන්දා ගාවටයි කියලා. ඒ සුදු දූ....
නිසාද ලොකු නැන්දේ අද මට මෙච්චරම දුකක් ඇති වෙලා තියෙන්නේ...
මැරෙන්න
මාසයකට කලින් නුඹ මං ළගට ඇවිත් නුඹේ කුසින් වදපු දරුවා නුඹට අම්මා නොකියන අවුරුදු
ගණන අවුරුදු 03ක් කිව්වා මට මතකයි. ලොකු නැන්දා අසනීප වී රෝහලේ ඉන්නා දවස් වල ඔබේ
තනියට රෑට තියන්නට ඔබේ දියණිය ගියේ හරිම අකමැත්තෙනි.. දවසක් ඇය මට කීවා... ඔයා
එනකොට අම්මාගේ දත් මද්දලා... අම්මා කක්කා සුද්ධ කරලා එන්න කියලා.. ඇත්තමයි.....
ඔයාගේ සමරේ මට කීවේ.... අනේ පොඩි දුවේ
නැන්දා ඔයා බලා ගන්නවා වගේ කවුරුත් බලන්නේ නැහැ කියලා.. ඔයාගේ එකම නංගි
කිව්වේ.. පොඩි දුවේ හෙටත් ඔයා නැන්දාව බලාගන්නවනේ කියලා... පුංචි එකෙක් වගේ ඔයාගේ
පැම්පරස් අයින් කර ඔයාව සෝදා පවුඩර් එහෙම දැම්මේ.. ඒ ඔයාගේ කුසින් ආවේ නැති වුණත්
ඔයාට තිබුණ ආදරය ... ඒත් මෙහෙම කරපු මට අන්තිමට ලොකු නැන්දේ ලොකුම තෑග්ග ලැබුණේ
නිග්‍රහයයි.
දුක
නෑ..... අපිට අපේ ලොකු නැන්දා නැතිවිය... එපමණයි අපේ දුක.. රණසිංහ පරම්පරාවේ ලොකු
අක්කා නැතිවිය. මිනිසුන් හැමෝම කිවේ මල්ලිගේ දරැවන්ට හරිම ආදරේ කරපු නැන්දා කෙනෙක්
කියලා..
ජුලි 18
වෙනිදාට ඔයාගේ තුන්මාසේ දානෙට අපිට සහභාගි වීමට නොහැකි වුණත් ඔබ සිහි කර අප ජුලි
22 වන ඇසළ පොහෝදින සිල් ඇත්තන්ට දෙනු ලබන
දානය ඔබට අමා මහ නිවන් සුව ලබන්නම හේතු වේවා කියලා ....
No comments:
Post a Comment