සිතිජ මායිමේ........ දෝ දිය දහරක් ගන්නට පෙරුම් පුරන්නාසේ........
මං........ නුඹේ ආදරේ තුළ ජීවත් වන්නට... පෙරුම් පිරුවා...
මතකද දවසක් ඔයා කිව්වා...
ආදරේ කියන්නේ.. අවංක සිතින් ප්‍රාර්ථනා දෝතක් පුරවං......
පිරිසිදු මල් වට්ටියක් අතේ තියං ඉන්න...
දැහැමි සිතක් කියලා.........
මාත්.. ඒ ඒ පිරිසිදු මල් වට්ටිය අතේ තියං හිටියේ.....
දැහැමිව.............
ඒත් ආදරය කියන්නේ පිරිසිදු චේතනාවක් කියපු ඔයාම ...
ආදරය කියන අකුරු හතරකට සීමා කරලා...
අපිරිසිදු මල් වට්ටිය අතේ තියං පව් පුරවා ගත්තා කියලා.
ඔයාම මට කියනකොට....
ඔය පාමුල වැද වැටුණේ...............
මගේ පිවිතුරු ආදරය විසිකර ඔයා ඈතට යන නිසයි....
මං දන්නේ නෑ..........
ඔයාට පිවිතුරු ආදරයක් ලැබුණ ද කියලා....
ඒත් මං අද ගොඩාක් සතුටුයි...
මං පිවිතුරු ඔයාට ආදරය කරලා ඔයා......
ඔයාම අපිවිතුරු කියලා ගියපු නිසා....
No comments:
Post a Comment