මත්ද්‍රව්‍ය යනු කුමක්ද කියා...... කාගෙන් හෝ ඇසුවොත් යාළුවනේ ගොඩාක් අය කියන්නේ, මත් වන දෙයක් කියලා.. මං අද හිතුවා... මේ පැත්ත ගැන ටිකක් විස්තර කරන්න.. මොකද මං මත්ද්‍රව්‍ය පිළිබඳ ටිකක් දන්නවා. මොකද මං වැඩ කරන්නේ.. එවැනි ස්ථානයක නිසා... ඔන්න දැන් ඉතිං කට්ටියම හිතයි. මං කොහොමද ඒවා දන්නේ කියලා...ඒවා ටික පස් සේ කියන්නම්කෝ..
ස්නායු පද්ධතියේ අවපීඩනයක් ඇති කරන සහ මනුෂ්‍ය ශරීරයේ යම් කිසි උත් තේජනයක් ඇති කිරිමට සමත්වන ද්‍රව්‍ය මත්ඖෂධ ලෙස හෙවත් මත්ද්‍රව්‍ය ලෙස හදුන්වයි. මිනිසා සිතන පතන හා හැසිරෙන ආකාරය වෙනස් කිරිමේ හැකියාවක් මෙම ද්‍රව්‍ය සතුය.
අපි දැන් බලමු මත්ද්‍රව්‍ය වර්ග මොනවාද කියලා
අබිං
අබිං නිපදවන් නේ පොපි හෙවත් පැපවර් සොමිනිෆරම් යන උද්භිද නාමයෙන් හදුන්වන ශාඛයෙනි. අබිං නිපදවන් නේ පොපි ගසේ හට ගන්නා මල් ඵලයයි. අවපීඩක ගණයේ මත්ද්‍රව්‍යයක් වු මෙම අබිං ව්‍යුත්පන්න කිරිමෙන් සකස් කරගනු ලබන මත්ද්‍රව්‍ය වර්ග කිහිපයකි.
එනම්
මෝෆින්
මෝෆින් නිපදවන්නෙත් අබිං වලිනි. 1803 වර්ෂයේදී සොයාගත් මෙය ග්‍රික සිහින සම්බන්ධ දෙවියාගේ නමින් නම් කර ඇත. කුඩු, කැට, කුට්ටි, දියර සහ පෙති වශයෙන් මෝෆීන් නිපදවයි.
කොඩෙයින්
මෙතිල් මෝෆීන් නමින් මෙය හදුන්වයි. මෙය මෝෆීන් වලින් නිපදවයි. කොඩෙයින් යනු මෝෆීන්
වලින් නිස්සාරණය කරන අබිං වල ඇල්‍කොලොයිඩයකි. දියර, ද්‍රාවක, පෙති හා කරල් ලෙස මෙය ඇත.
තෙබේන්
තෙබේනුත් අබිං ආශ්‍රිත නිෂ්පාදනයකි.
හෙරොයින්
අබිං වලින් ලබා ගන්නා මෝෆීන් නමැති මත්ද්‍රව්‍ය රසායනික ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍ය්‍යය නිෂ්පාදනය කරයි. හෙරොයින් අද සමාජයේ විනාශ කරන මත්ද්‍රව්‍ය්‍යක් වෙලා ඉවරයි.
මෙහි සාමාන්‍ය පෙනුම වන් නේ දුඹුරු පැහැති කුඩක් වශයෙන් පැවතීමයි. අබිං නිස්සාරණයෙන් ලබා ගන්නා පිරිසිදු නොකරන ලද මෝෆීන් සහ එක්තරා කොඩෙයින් ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
තවද ඉතිං මෙතඩෝන්, මෙපරිඩීන්, ඔක්සිකොඩෙන්, ඩිප්රෙනොර්ෆීන්, නාකොටික් ඇන් ටොගොනිස්ට්ස්, කංසා, මර්ජුවානා, හෂීෂ් , කොකේන්, ගංජා, මධ්‍යසාර, බාබ්ට්යුරේට්ස් වැනි බොහෝ මත්ද්‍රව්‍ය වර්ග ඇත
අද කොරෙක්ස් ඩී නමැති කැස්සට බොන පැණියද මත්ද්‍රව්‍යයක් වී හමාරය. මන්ද යත් අද බොහෝ තරුණ පිරිස කොරෙක්ස් ඩී බීලා මැරිලා තියෙනවා.
අද ගොඩාක්ම හෙරොයින් නැතිනම් කුඩු මාෆියාවක් වෙලා... කුඩු විතරක් නෙමේ... අරක්කු බියර් සිගරට් ඒවාත් මත්ද්‍රව්‍ය,
අද මං දකින විදියට ගොඩාක් තරුණ කොල් ලෝ බියර් ටිකක් හරි බොනවා. අද බියර් බිව්වේ නැතිනම් ඒ කොල්ලා පොරක් නෙමේ... සිගරට් එකක් බිව්වේ නැතිනම් එයා කොල් ලෙක් නෙමේ.. සමාජය අද එහෙම පිළිගන්නේ... කියලාද හිතන් නේ... නැහැ... ඔයාලා දන් නේ නැතිවුනාට අද සමාජය මත්ද්‍රව්‍ය පිළිකුල් කරනවා. අද අරක්කු ටික ටික බොන කෙනා හෙට බේබද්‍දෙක් වෙනවා. අද සිගරට් බොන කෙනා හෙට ගංජා බොනවා.. ඒකයි වෙන් නේ... ඒත් යාළුවනේ... අපි අද සිගරට් එක බොන කොල් ලෙක් කොච්චර පිළිකුල් කරනවාද? මං නම් ආස නැහැ. ඇත්තටම......
මං දන්න දෙයක් මේ කියන්නේ....... අද ගොඩාක්ම කුඩු ගහන කොල්ලෝ ඒ දෙයින් මිදිලා ගියත් ආපහු ඇබ්බැහි වෙන් නේ නරක යාළුවෝ නිසා.. මං දන්න සිද්ධියක් කියන්නම්..
ලස්සන කොල්ලෙක්... හරි වැදගත් විදියට අඳින කොල්ලෙක් ඒ කොල්ලා ඇවිත් තිබ් බේ ආච්චි අම්මා එක්ක. මේ කොල්ලා ඒ කොල්ලාගේ කුඩු නවත්වන්න ඉල්ලන්නේ ට්‍රේලර්... යාළුවනේ පොඩ්ඩක් හිතන්න අර ආච්චි අම්මා කියපු දේ මොකද්ද දන්නවාද? පුතේ.. මං කවදාවත් බොරුවට පොරොන්දු දෙන්නේ නැහැ... ඔයා ඔය ජාරාව නවත්වන්න ...........
No comments:
Post a Comment