මං.......... බ්ලොග් ගැන වැඩිය දන් නේ නැහැ..... ඒත් මට හිතුණා සමාජයට දෙයක් කියන්න පුළුවන් අපිට...... නිර්මාණයක් කරන්න පුළුවන් මාර්ගයක් කියලා.... ඉතින් ඒකයි හැමදාම නිසදැස් ලියන එකේ... අද අවවාදයක් දෙන්න හිතුණා.....
අද සමාජය ගොඩාක්ම බිහිසුණු.. හරි ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා... මං.... වෘත්තියෙන් පුස්තකාලයක සේවය කරන නිසා මං ගොඩාක් පුවත් පත් කියවන්න අවස්ථාව තියෙනවා.. මං අන්තර්ජාලයෙන් තමා ගොඩාක් පුවත් පත් කියවන්නේ....පත්තරයක් ගත් තොත් ඒ හැම පත්තරයකම ලොකුම කදුලක් එන පුවතක්.. අද ලංකාදීප පත්තරේ කෙසෙල් පදුරක් ඉපදීලා පැය කිහිපයක බබෙක් දාලා ගිහින්............ හිතන්න... කොහොමද මේ දේ.........
කාගේ හෝ වරදකින්, නැතිනම් රාගයේ මුසපත්වීමකීන්..... වැරදි විදිහයට දරුවකු පිළිසද ගෙන, දස මසක් ඒ දරුවා කුස තබාගෙන........... ඒ දරුවා නැති කරන්න කොච්චර උත්සාහ කරන්නැති ද? .. ඒ දරුවා කොච්චර විස පෙවෙන්නැතිද අම්මගේ බඩේ ඉන්නකොට.. ඒත් ඒ පැටියාට වාසනාවට ඒ දරුවා ඒ හැම බාධකයක්ම මග හරවාගෙන.. ඒ දරුවා බඩේ ඉද්දි කොච්චරනම් අම්මා ගැන හිතන්නැතිද?...ඒත් ඒ දරුවා හිතන්නැති අනේ අපේ අම්මා මාව දැක්කාම මාත් එක්ක තරහ නොවී... මං ළග ඉදි.. මට කිරි ටිකක් දෙයි... මාව ආදරෙන් බලා ගනී.... අපේ අම්මා තරම් මට කෙනෙක් නැහැ කියලා... ඒ දරුවා කොච්චරනම් හිතන්නැති ද? ඒත් ඒ දරුවාට අන්තිමට ඉපදිලා ටික මොහොතකින් ඒ අම්මා කෙසෙල් පදුරක් යට දමලා ගිහින්........ අනේ දෙවියනේ......... ඉපදිලා පැය කිහිපයකින් දරුවා තනි කරන්න.. කෙහොමද හිතුණේ. අර ලස්සන මුහුණ බලාගෙන....
මේ දේවල් අද මෙහෙම වෙයි... හෙට............මේ දරුවා ලොකු වෙයි.. ඒත් ඒ දරුවා අර බඩේ ඉදිද්ම ඇහුවේ.. වෛරය... දුෂ්ඨ සිතුවිලි... එදා අම්මලා.. දරුවකු කුසට ආපු දවසේ ඉදන්ම බොදු සිතුවිලි වලින් , පන්සල් ගිහින් හිත ධර්මය නැඹුරු කරගන්නේ.. ළමයාගේ හෙට දවස හොද කරන්න.. ඒත් අද අම්මාගේ බඩේ ඉද්දිම දරුවා අහන්නේ.. නපුරු සිතුවිලි.. ඒ දරුවා හෙට භාර ගන්නෙත් වෛරය සිතුවිලි වලින්........ඉතිං. හෙට දවසේ........... මේ දරුවා සමාජය මුහුණ දෙන්නේ අවජාතකයෙක් විදිහට........... ඒත් කමක් නැහැ අම්මා හිටියා නම්.. ඒත් අම්මත් නැහැ...............
කෝසල රජ්ජුරුවන්ගේ සිහින ඉටු වෙන්න යන්නේ......
ඒත් අම් මේ.............. අනියම් පෙමකින් හෝ හෙට දවසේ ඔයාලා අම්මලා වුණොත් අනේ ඒ දරුවා නැති කරන්න උත්සාහ කරන්න එපා........... ඒ දරුවා බඩේ ඉන්නකම් නරක සිතුවිලි සිතන්න එපා............. ඒ දරුවා ඔහොම දාලා යන්න එපා.......... අද අපේ රටේ දරුවෝ හදාගන්න ස්ථාන ගොඩාක් තියෙනවා.. අනේ එහෙම එකකට එවැනි දරුවෝ භාර දෙන්න... ඒක හෙට ලෝකේ තනන්න ඉන්න පුංචි ඇත්තන්ගේ හිත් වල වෛර සිතුවිලි නැති කරන මාර්ගයක් වෙනවා.............
තව තව බොදු දරුවෝ........ හොද සිතුවිලි වලින් පිරිච්ච දරුවෝ අපේ රටේ ඉපදේවා........ නරක සිතුවිලි බැහැර වේවා....
ශ්‍යෘනි

No comments:
Post a Comment