හෙමින් හෙමින්
වැටි වැටී පා තබා.......
ජීවිතේ මුල් පියවර හෙමින් සැරේ තබා....
නුඹ පසුපස මං හිටියා..
නුඹ වැටෙනා විට අල්ලන්නට......
ටිකෙන් ටික පා තබා ඇවිදින්නට හැකි වු විට ද ....
නුඹ වැටුණත්
මා....
නුඹ
නැගිටුවන්නට... නොඅවාට
නුඹේ
දෑසේ....අම්මා ගැන ඇතිවුණිද අමනාපයක්...
නුඹ තනියම
නැගිට සිනා වී....මා අසලට එන විට....
දැනේ මට සතුටක්
නුඹේ පසුපස
නිරතුරු මා සිටියත්....
නුඹට
ජීවිතේ.... වැටුණු විට..
නැගිටින්නට...
උගන්වන්න.....
නුඹේ පා ඔසවන
කාලේ සිට මා දරන වෑයම....
හෙට දින නුඹට
දැනේ දුවේ...
හෙට නුඹ තනියම
නැගිටින විට...
වැටේ දුවේ දස
දහස්වරක්...නුඹ පසුපසට...
හිතේ හයියෙන්
නැගිටපන් දුවේ....
නුඹට නුඹ පමණය
සෙවණැල්ල...
නුඹේ පසුපස
නිරතුරු මා සිටියද....
හිතේ රඳවා ගන්න
සුදු දුවේ...
නුඹට නුඹ පමණය
සෙවණැල්ල කියා.......
නුඹ ජීවිතේ
දිනු දිනට.....
හිතට මෙච්චර
හයිය ආවේ කෙසේද කියා දැනේවි නුඹට....
ශ්‍යානි-
No comments:
Post a Comment