2013-07-08

මගේ පුංචි ඔනුලි


සිනා පොදක් මුව රඳවා ගෙන

හුරතල් හඩින් නිහඩ බව දුරු කළ

අපේ ගෙදර සුරංගනාවියයි......

 

අනඳුරේ සිටි... අපේ ලෝකය....

රවි කිරණක් සේ ඇවිදින් - ආලෝකය දුන්නේ.....

පුංචි  සුරංගනාවියයි නුඹයි........

 

ජිවිතයට ලස්සන පැතුමන්....අරං....

අපේ ජිවිතේ... යන මග සරු කරමින්.......දහසක් පැතුමන් ඉටු කළේ.

මගේ පුංචි සුරංගනාවියයි....

 

මගේ ලොවේ.... රැජින නුඹයි....

අපේ නිවසේ..... රවි කිරණ නුඹයි....

අප හට එළිය දුන්.... මගේ පුංචි ඔනුලි..... දුවේ........

නිවසට එළිය රැගෙන ආ නුඹ

හෙට දවසේ... නුඹේ ලොව  ආලෝකයක් කරගන්න.....

යහපත් හොඳ දුවෙක් වෙන්න.....සෙවණැල්ල වී...

අම්මියි.... තාත්තියි... නුඹ ළඟ හිටියත්....

නුඹේ ජිවිතේ සෙවණැල්ල නුඹම පමණයි ඔනුලි දුවේ....