2012-10-15

මං ගැනත් කවියක් ලියහන්කෝ.............



ලේ කිරි නොවුණාට
නිරතුරු තුරුල් නොකරගත්තාට....
ආදරේ නැ... කියා සිතුණා ද....

උදේ හවා.... සිහිවෙනවා...
තාත්තාගේ කඳුළු නුඹට නොපෙනනවා...
නුඹේ අම්මා වගේම තමා....
නුඹේ බඩගින්නට කිරි දෙන්නට නොහැකි වුනාට....
නුඹ කුසගින්නේ ඉන්නා විට......
මගේ කුසත් රත්වෙනවා.. පුතේ.....

නුඹේ පුංචි පොතෙත් ...අම්මා ගැන ලිව්වත් කවි....
මං ගැන කවි ලියන්න...නුඹට පදවැල් නොතිබුණත් පුතේ....
දුකක් නෑ.. හිතේ..........

නුඹ ඉපදුණු දා සිට...නුඹේ දෙඇස් දිහා බලං...
නුඹේ හෙට දින ගැන මැව්ව සිහින මාලිගා....
අම්මා වගේ තමයි පුතේ.. නුඹේ තාත්තාත්........
එක කවියක් ලියන්නකෝ... මං ගැනත්.....

ශ්‍යානි_

No comments:

Post a Comment