සිනාසෙන්නට පාර කියා දෙන්න..
ඔබ එනකම් මං බලා ඉන්නවා.....
මගේ සිනාවත් රැගෙන ඔබ ගිය දුර.....
ඔබ නොව මං වත් නොදනී.....
හනිකට නොව හෙමින් සැරේ...
දහසක් සිතුවිලි එක්ක පොර බැද
නුඹේ සිත නුඹට කීවොත්....
නුඹේ ආදරී නුඹ එනතුරු බලා ඉන්න බව.....
එන්න....... එන්න........
මගේ සිනාවත් අරගෙන එන්න
මං මග බලං ඉදිමි... නුඹ එනතුරු.....
සිත පුරා ආදරේ තුරුළු කරන්......
නුඹ එනතුරු පාර බලා ඉන්නම්.....
No comments:
Post a Comment