2011-11-01

මිනිසුන් පුදුමාකාරයි

මිනිසුන් පුදුමාකාරයි
සිතුවිලි ගංගා ගලා යන
සිත්වල වෛරී සිතුවිලි පිරුණු
මිනිසුන් අප හා ඉන්නේ

අප හා සිනාසෙන
අප හා කතා කරන
මිනිසුන්මයි
අප හට ගරහන්නේ

අප යන මග දිරි දෙනවා
අප හට ආසිරි පුදනවා
රගමින් ඉන්නා මේ මිනිසුන්මයි
අප හට නින්දා කරනුයේ

කවදා හෝ අප නිර්දෝෂ බව
ලොවට හැගෙන්නේ
අප ගැන කේලම් කිවු
මිනිසුන් සදා කල් හඩන්නේ
යථාර්ථය එයමයි මේ ලෝකේ


No comments:

Post a Comment