2011-04-25

මගේ සුදු අම්මා


නවමසක් කුස තුළ හොවාගෙන
අපමණ වේදනාවන් විඳ
මා මෙළොවට බිහි කළ මගේ සුදු අම්මා
ලේ කිරි කර මට පොවා
මා ලොකු මහත් කළ මගේ සුදු අම්මා
වේදනාවකදි මා සමඟ ඉඳිමින්
සතුටේදි අපමණ සතුටු වෙමින්
මා හට ශක්තියක් වු මගේ සුදු අම්මා.....
මනමාලියක් වී මා ගිය දවසේ ....
හොරෙන් හඩමින් අපමණ සතුටක් වින්ද
මගේ සුදු අම්මා....
මා අම්මා‍ කෙනෙකු වු මොහොතේ
මා සමඟ ඉදිමින් මට ශක්තියක් වු
මගේ සුදු අම්මා...
මගේ පැතුම නීරෝගී ........ දිඝු ආයු ලැබ....... ජීවත් වන්නට මගේ සුදු අම්මා
 ශානි

No comments:

Post a Comment