2011-04-25

මගේ අය්යා

ඔයා වෙලාවකට මහ පර්වතයක් වගේ
තවත් වෙලාවක ඔයා සෙවනැල්ලක් වගේ...
තවත් වෙලාවක ඔයා එක්ක මට කේන්ති ගියත්
ඔයාව නැතිව ජීවත් වෙන්න අමාරුයි.....
ඔයාගේ දුක මට දැනෙන්නේ මට ශරීරයට වුණු වේදනාවක් වගේ
ඒ මං හිතන්නේ එක බඩ වැල කඩාගෙන ආපු නිසා වෙන්නැති....
ලෝකයම කිව්වා...තව ටික කලකින් ඔයාට අය්යාව අමතක වෙයි කියලා...
ඒත් ඒක බොරුවක් ඒ සහෝදරකම මං හිතන්නේ නෑ...
මගේ හිතින් ඈත් වෙයි කියලා...
වෙලාවකට ඔයා ගැන හිතන්නේ නෑ....කියලා මං හිතනවා...
අනේ ටික වෙලාවයි..... ඇස් දෙකට කඳුළු එන්නේ ඇයි මං එහෙම හිතුවේ කියලා...
මං දන්නවා... මේ ලොකේ මට ඔයා , අම්මා, තාත්තා නැතිව ජීවත් වෙන්නනම් මට බැරි වෙයි කියලා.......
ඇත්තමයි... මගේ සුදු අය්යේ
  ශානි

No comments:

Post a Comment